Saturday 20th of June 2026

English Tamil
Advertiesment


අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා වගේම භාෂණයේ නිදහසත් වැදගත්


2024-01-11 14895

 

අධිකරණයට අපහාස කිරීමට විරුද්ධව ලෝකයට පේන්න පනත් ගෙනාවට ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය පවත් වන්නැයි කිව්වාට ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළි ගන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (10) චෝදනා කළ අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

සමථකරනය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල් කරන ගිවිසුම පිළිගැනීම හා බලාත්මක කිරිමේ පනත් කෙටුම්පත කාලීන අවශ්‍යතාවයක්.සිංගප්පූරුවේ ජාත්‍යන්තර ගිවිසුම අපි අත්සන් කෙරුවට පසුව ඒ එකඟතා අපි පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඕනේ ඒකයි අද මේ සිද්ධ වෙන්නේ.මේ කාර්යය පිටුපස රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් තීරයේ පිටිපස විශාල සේවයක් කරා.ඒ සියලු දෙනාට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ.

අධිකරණයට අපහාස කිරීම අපි පිළිගන්නේ නෑ.නමුත් නූතන ලෝකයේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කතා කරනකොට භාෂනයේ නිදහසත් ඒ හා සමානව උත්තරීතර බව ජාත්‍යන්තර සම්මුති තියෙනවා.අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා වගේම භාෂණයේ නිදහසත් වැදගත්.මොකද විනිසුරුවන් අතිනුත් වැරදි සිදු වෙනවා ඒ නිසයි ඇපල් අධිකරණ තියෙන්නේ.පහළ උසාවි වලින් වැරදි තීන්දු දෙන නිසයි ඇපල් අධිකරණ තියෙන්නේ.එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුව භාෂණයේ නිදහස , අධිකරණයට අපහාස කිරීම පිළිබඳ තක්සේරු කරනකොට භාෂණයේ නිදහසත් එයට සම්බන්ධ වෙලා ඒ තක්සේරුවට ඇතුළත් කළ යුතුයි කියන මතය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිඅරගෙන තියෙන්නේ.ඉන්දියාවේ කොවිඩ් අර්බුද කාලේ ඉන්දියාවේ නීතිඥවරයකු ෆේස්බුක් හරහා දැන්වීමක් දැම්මා පින්තූරයක්.ඒ පින්තූරේ තියෙන්නේ ඉන්දියාවේ අග්‍ර විනිශ්චකාරතුමා කොවිඩ් කාලයේ මාස්ක් එකක් නැතුව මෝටර් සයිකලයක් පදින එක.අධිකරණයට අපහාස කෙරුවා කියලා නීතිඥවරයාට එන්න කිව්වා.අධිකරණයේ හිටපු නීතිඥවරු සීයක් විතර පෙනී හිටියා.එතුමා වැරැද්ද පිළිගත්තේ නෑ.නඩුව අවසානයේ රුපියලක දඩයක් එතුමාට නියම කළා. ඒ රුපියලත් ගෙව්වේ නෑ.පසුව අභියාචනයක් ගොනු කරලා ඔහු නිදහස් වුණා.එතනදී පිළිගත්තේ අධිකරණයෙන් සිදුවන අතපසුවීම් පිළිබඳ කතා කරන්න භාෂණයේ නිදහස යටතේ අයිතියක් තිබෙන බවයි.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කතා කරනකොට මේක පුළුල් ක්ෂේත්‍රයක්.මට පේන විදියට මේ අධිකරණයට විශාලම අපහාසය කළේ ආණ්ඩුව.අධිකරණයෙන් කිව්වා පළාත් පාලන මැතිවරණය තියන්න කියලා නමුත් තිබ්බේ නෑ.ඉතින් අධිකරණය තීන්දු දීලා මොකටද ? කවුද අධිකරණයට අපහාස කළේ ආණ්ඩුවේ අපහාස කළේ.අධිකරණයට ගරු කරනවානම් හදවතින්ම ගරු කරන්න ඕන.අධිකරණයට අපහාස කරන්න එපා කියලා ලෝකෙට පේන්න පනත් ගේනවා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය තියන්න කියලා තීන්දුවක් දුන්නම ආණ්ඩුව ඒක පිළිගත්තේ නෑ.සල්ලී නැ කිව්වා.මම ගරු ඇමතිතුමාගෙන් අහනවා මෙවැනි පනතක් ගෙන ඒමේ අරමුණ මොකක්ද කියලා?

මේ පාර්ලිමේන්තුවේදී නීතිඥ මහත්මයෙක් නැගිටලා පළාත් පාලන මැතිවරණය තියන්න කියලා අධිකරණය කියපු නිසා ඔහුගේ වරප්‍රසාද කඩ වුණා කියලා කිව්වා.එහෙම කොහොමද වරප්‍රසාද කඩ වෙන්නේ ? මොකක්ද මූලාසනයෙන් කෙරුවේ වරප්‍රසාද කොමිටියට ඇරියා විනිෂ්කාරවරුන් බය කරන්න.

පොදුජන පෙරමුණ පෙරමුණ,පොහොට්ටුව හැමදාම අධිකරණයට අකුල් හෙලුවා .චන්ද්‍රිකා මැතිනියේ ඉන්න කාලෙ අධිකරණයට යම් ගරු කිරීමක් තිබුණා.එතුමිය දාහත් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ජනතා විමුක්ති පෙරමුණේ උදව් ඇතුව.පසුව පත්වුණ අය ඒවා වෙනස් කළා.නැවත අපි දහනම වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ව්‍යවස්ථාදායක සභාව ශක්තිමත් කෙරුවා.නැවත විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා 19 දුර්වල කෙරුවා.වසර තුනක් ගෙවුනා මුළු ලෝකෙන්ම බැනුම් ඇහුවා .අවසානයේ අවුරුදු තුනක් ආණ්ඩුවට නැතිවුණා.ඒ වගේම මේ අය තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අග්‍ර විෂකාර්යවරයෙක් ඉවත් කෙරුවේ.දැන් අධිකරණයට අපහාස කරන්න එපා කිව්වට ශ්‍රීරානි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කෙරුවේ කවුද? මේවා කරලා ලෝකෙට පේන්න පනත් ගෙනාවට වැඩක් නෑ .

ආණ්ඩුවේ හත්දෙනයි මේ සභාවේ දැන් ඉන්නේ.එක ඇමැතිවරයයි ඉන්නේ.ඒකයි මම හැමදාම කියන්නේ මේ පාර්ලිමේන්තුව දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ.මේක පිළුණු වෙලා.ආණ්ඩුවේ ඇමතිවරුන්ට මන්තරුන්ටත් මේක එපා වෙලා තියෙන්නෙ.අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් කවුරුත් නෑ.

මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය වැවිලි සමාගමේ වතු,ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වතු සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවුණා.94 චන්ද්‍රිකා මැතිනිය පෞද්ගලීකරණය කරනකොට මහනුවර වතුර කවුරුත් ගත්තේ නෑ.මොකද මේවා පාඩු ලබන වතු.අද වැවිලි කර්මාන්ත ඇමතිතුමා කිව්වා මේ වතු විවිධ පාර්ශ්ව වලට දෙන්න හදනවා කියලා.නමුත් මම ඉල්ලීමක් කරනවා.අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සැලැස්මක් තියෙනවා මේ වතු අක්කර දෙක, තුන වශයෙන් ඒ ඒ වතුවල වැඩ කරන කම්කරුවන්ට ලබා දෙන්නයි කියලා.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment